BREAKING NEWS
Search

මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා හෙළි කල රහස

4096

මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී කිසිම අවස්ථාවක මානසිකව කඩා නොවැටුණු බව ඇයගේ වෛද්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසිය.

මාලනී ෆොන්සේකා මහත්මිය සිය රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් ආකාරය අති විශිෂ්ට මෙන්ම සැමට ආදර්ශයක් බව පැවසූ හෙයියන් තුඩුව මහතා ඇය ඉතා නිර්භීත කාන්තාවක බවද ප්‍රකාශ කළේය.

ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ පසුවෙද්දී වකුගඩු නිවාරණ සංගමය සමග එක්ව සමාජ සුභසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් කළ බවත් තමා එය ඉතා ඉහළින්ම අගය කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

සංගමය ප්‍රකාශයට පත් කළ වකුගඩුව පුවත්පත ප්‍රවර්ධනයටද ඇය අසනීප තත්වය නොබලා කටයුතු කළ බව සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *