BREAKING NEWS
Search

පස් කන්දකට යටවූ පුද්ගලයෙක් බේරගන්න ආ දෙවියෝ වගේ මිනිස්සු.. ගමක් එකතු වෙලා බේරගත්ත ජීවිතයක්

135

බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක් අසල වූ බැම්මක් අවහිරවන ලෙස වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු අද (26)  උදෑසන එම පස් කන්දට යටවී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

ප්‍රදේශවාසීන්, පොලීසිය, ගිණී නිවීම් ඒකකය, බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩලය පැයක පමණ මෙහෙයුමකින්  අනතුරුව , ඔහු නිරුප්පද්‍රිතව  මුදවාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට  ඇතුළත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් අද (26) පෙරවරුවේ ප්‍රදේශයේ   නිවසක් අසල තිබූ පැති බැම්මක්  අවහිර වන ලෙස කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කොට එය පිළීසකර කිරීමට යෑමේදී මෙම අනතුරට ලක්ව ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *