අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව, දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය හෙට (26) පෙ.ව.8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇත.
ඉන්පසුව, පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කිරීමට නියමිතය.
එමෙන්ම, ප.ව. 3.30ට ඇය අධ්‍යාපනය ලද කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.
පසුව, බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳව කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීම සිදුකෙරේ.
අවසානයේ ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සහ පුපෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිම කිරීමට නියමිතව ඇත




















