අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මේ වනවිට ඇයගේ මාදිවෙල පිහිටි නිවසේ තැම්පත් කර තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.
අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්‍රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.























