BREAKING NEWS
Search

නිළි රැජිණ වෙනුවෙන් ජනපති තැබූ සටහන මෙන්න

714

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා වෙනුවෙන් ජනපති අනුර කුමාර විසින් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ශෝක සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය, ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනාගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසින් වන බවයි.

අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරුවේ ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්‍රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.

අනතුරුව අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

ජනපතිවරයා තැබූ සටහන පහතින්,

“1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *