BREAKING NEWS
Search

9 හැවිරිදි පාසල් දැරියකට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

1127

මුලතිව්, කර්නාට්ටුකේනි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් 9 හැවිරිදි පාසල් දැරියක් 21 උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, කෝකිලායි පොලීසිය පවසයි.

අදාළ දැරිය පාසලට රැගෙන යාමට බනිස් විකුණන ත්‍රිරෝද රථයකින් බනිස් ලබා ගැනීමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ දැරිය මුලතිව් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව මීට පෙරත් රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *