ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය සියයට 7.75ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමටයි ඊයේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.
දේශීය හා ගෝලීය වශයෙන් වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුවයි මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙන්නේ.
ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ වත්මන් අඩු උද්ධමන පීඩන මධ්‍යයේ, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ මෙම ලිහිල් කිරීම උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි එම මණ්ඩලයේ අදහසයි.
පසුගිය මාසයේ එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය දැක්වුණේ සියයට 8ක් ලෙසයි.




















