BREAKING NEWS
Search

ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න

1241

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ජූනි 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නේ යැයි කියන රියැදුරු වශයෙන් කටයුතු කළ මහේෂ් සම්පත් ප්‍රියදර්ශන මැයි 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, රැඳුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධි විධාන මැද අධිකරණයට ඉදිරිපත් කළ බව ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පෙබරවාරි 19 වන දා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *