BREAKING NEWS
Search

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

2971

පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්රහාර එල්ල කර තිබේ.

ඉන් පාසල් ළමුන් සිව්දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර මරණ සංඛ්යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම බස් රථයට කාර් බෝම්බ ප්රහාරය එල්ලවී ඇත්තේ, හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්රවාහනය කරමින් සිටින අතරතුරදීය.

ප්රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මේ වනතෙක් භාරගෙන නොමැත. කෙසේවෙතත් බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්රහාරය මෙහෙයවන්නට ඇති බවට සැකපළකරන බව විදෙස් මාධ්ය වාර්තා කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *