BREAKING NEWS
Search

බිහිසුණු ඩිෆෙන්ඩර් අනතුරක්. සෙබළුන් 05ක් රෝහලට

1080

අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර්  රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළුන් දෙදෙනකු පොළොන්නරුව රෝහලටත්, ඉතිරි තිදෙනා මනම්පිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

මහඔය ප්‍රදේශයේ පුහුණු පාඨාමාලාවට ගොස් ආපසු මින්නේරිය බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ සිදුකර මනම්පිටිය පොලිසියේ සඳහන් කරයි.

මෙම අනතුරට හේතුව රියදුරට නින්ද යෑම බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *