BREAKING NEWS
Search

නොනවතින… අයියා ,මල්ලී හටන” – බදුල්ලම කැළඹූ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව…

4614

බදුල්ල නගර මධ්‍යයේ අද පස්වරුවේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට දරුණු ලෙස පහරදී තිබු අතර බරපතල තුවාල ලැබූ ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම සිද්ධිය ගැන ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහි ඇනුමක් සිදුකර තිබූ බවයි.

එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුණේ ශල්‍යවෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

මෙම සහෝදරයින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහරදී තුවාල සිදුකරන ගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙන අතර ඔහු විසින් මුහුණු පොතට එක්කළ සටහන පහතින්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *