BREAKING NEWS
Search

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

282

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු සහ එම රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයකට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ බන්ධනාගාර රියදුරෙකුගේ  වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

අගුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුගේ සහ රියැදුරෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇති බවත් පසුගිය 16 වැනිදා සිදු වූයේ යැයි කියන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් එම නිලධරියා සඳහන් කළේය.

මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළ ආසන්නව නවතා බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් කිසියම් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඡායා -කඹුරුගමුව- තරංග ගුණරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *