BREAKING NEWS
Search

හොදටම සූර්වෙලා පාසල් ළමුන් ප්‍රවාහනය කළ බසයේ රියැදුරු මාමාට වෙච්ච දේ

223
බීමත්ව රිය පදවනවා කියන්නේ හොඳ දෙයක් නෙමෙයිනේ…
නීතියෙනුත් ලොකු වරදක්…

මේ කියන්න හදන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බසයක රියැදුරෙක් ගැන අහන්න ලබුණු කතාවක්…

පාසල් සිසුන් ප්‍රවාහනය කළ සිසුසැරිය බස් රථයක රියැදුරෙක් බීමත්ව සිටිබව අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින්.

ඊයේ (19) දහවල් කාලයේ කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ දී පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය වී තිබෙනවා.

එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 52 ක් වන රදලියගොඩ, කටුපොතප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම අවස්ථවේ බස් රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු හා මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අදාල බස් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (20) දින නාරම්මල ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *