තමාව ජනතාව පාර්ලිමේන්තුවට යවා ඇත්තේ විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීමට බවත්, ‘ඩීල්’ දමා ගැනීමට නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ අනුව හිරේ දමන බවට පවසමින් බියට පත්කර තමාගේ කට වැසිමට නොහැකි බවත්, අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ තිදෙනෙක් සමඟ සිටින විට ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට ඉඩ ලබාදුන් බවත්, ඔවුන් සිර ගෙවල්වල දැමීමට කටයුතු නොකළ බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.



















