BREAKING NEWS
Search

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ⁣ නිලධාරීන් 10,093කට උසස් වීම්

212

16 වන රණවිරු දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිනියන් 10093 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහන් කළේ, අද (මැයි 19) වන දා සිට බලපැවැත්වෙන පරිදි නිල උසස් කිරීම් පිරි නමා ඇති බව ය.

ඒ අනුව, බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 225 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 816 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස්වීම් පිරිනමා තිබේ.

සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1191 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2302 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 3468 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2091 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *