ජනාධිපති අනුර කුමාර දිසානායක අද (මැයි 19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බලා තිබේ.
සෙබළුන් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමට ද එක් වී ඇත.
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන් ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහට ම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කර තිබේ.
අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන් ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමග ද අදහස් හුවමාරු කර ගෙන තිබේ.
සෙබළුන් වෙනුවෙන් තවදුරට ත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත.




















