දෙහිවල වෙඩි තැබීමක්

760

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී අද (මැයි 19) වෙළෙඳසැලක් තුළදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් කිසිවෙකුට ජිවිත හානි සිදුවී නොමැති බව ය.

අද දහවල් 12:00ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බව පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

දෙහිවල පොලිසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *