ජාතික රණවිරු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන බව, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, ජාතික රණවිරු සැමරුම ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අසළදී මාධ්‍යයට අදහස් දක්වමින්.
ජාතික රණවිරු සැමරුම් උළෙල හෙට පස්වරු 04.00 සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිඛෙනවා.



















