BREAKING NEWS
Search

පිරිමි 3ක් එක්ක රූම් එකේ හිටිය කෙල්ලක්ට අත්වූ ඉරණම

3472

පින්වත්ත හෝටලයක අභිරහස් ලෙස මියගොස් වැසිකිළි වලක් තුල තිබී ඉකුත් මාර්තු 29 දා හමුවූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් මාස අටකට ආසන්න කාලයක් සැගව සිටී ප්‍රධාන සැකකරු වන එවකට හෝටල් කළමණාකරු ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත .

කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටී 29 හැවිරිදි තුෂාරී දිල්හානී නැමැත්තියගේ මළසිරුර වැසිකිලි වලෙන් සොයාගැනිමට පෙරදින රාත්‍රී හෝටල් පරිඝණක‍යේ දත්ත මකාදමා පුද්ගලික ලියකියවිලිද රැගෙන පලාගොස් ඇති සැකකරු පානදුර සිට මාතර ඔස්සේ ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බවත් ඒ අතරතුර සිය සිම් කාඩ්පත කඩා විසිකර තිබූ බවට පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

ඇඹිලිපිටිය ප්‍රදේශයට පලාගොස් ඇති සැකකරු පොලිසියෙන් මිදීම සදහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බවද සදහන් වේ.

සැකකරු රාත්‍රි සමාජ ශාලාවකට ගොස් සිටියදී මියගොස් ඇති කාන්තාව හදුනාගෙන ඇති බවත් ඇයගේ මරණය සිදුවීමට දින දෙකකට පෙර එනම් මාර්තු 23 දා කඩවත රාත්‍රි සමාජ ශාලවක සිට පානදුර හෝටලයකට කැටුවවිත් අංක 605 දරණ කාමරයේ රදවා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග වරින් වර ඇය සමග එකට සිට ඇති බවත් හෙලිව ඇතැයිද පොලිසිය කීය.

කාන්තාවගේ සිරුර වැසිකිළි වලට දමා එය වසාදමා ඇයගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමු බවට හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

-Aayuboo




Leave a Reply

Your email address will not be published. Required fields are marked *