BREAKING NEWS
Search

මධුසමයට ගිය යුවලකට මංගල ඇදේදි සිදු වූ අකරතැබ්බය. රෝහල් ගත කරන්නත් වෙලා

12870

නිවසට පැමිණි මංගල දිනයේම ඔවුන් නිදා සිටි ඇඳ කඩාවැටීමෙන් තුවාල ලැබූ මනාල යුවළ රෝහල කරා රැගෙන යාමට සිදුවීමේ පුවතක් රජරට පළාතේ ගමකින් වාර්තා වෙනවා.

ගම්වාසීන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මේ දෙදෙනා පළාත් දෙකකය. දෙදෙනා ඇඟලුම් හලක සේවය කරමින් සිටියදී ගොඩනගාගත් පෙම් සබඳතාවට දෙපාර්ශ්වයේ කැමැත්ත ලැබීම නිසා ඉකුත් දිනෙක පළාතේ ප්‍රසිද්ධ හෝටලයක මංගල උළෙල ජයටම සිදු කෙරිණි.

යුවළ හෝටලයේම නවාතැන් ගැනීමෙන් පසු දෙවැනි දිනයේ මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන්ද කැටුව මනාලයාගේ නිවසට පැමිණ තිබේ. මනාලියගේ පාර්ශ්වය දෙවැනි ගමන පැමිණ ඇත්තේ මනාලිය සතු දෑවැදි ආදියද ජයටම රැගෙනය.

මේ අතර මනාලයාගේ කාමරයේ ඇති පැරැණි ඇඳේ සවිකර තිබූ ඇණ මුරිච්චි ආදිය පෙර දිනයේ බාගෙට ගලවා තිබුණේ මනාලියගේ දෑවැද්දට ගෙනෙන අලුත් ඇඳ කාමරයට ඉක්මනින්ම ඇතුල් කර පැරැණි ඇඳ මාරුකිරීමේ පහසුව සඳහාය.

කෙසේ වෙතත් ඔවුන් එදින නිවසට පැමිණීමේදී සවස් වීමත් සියල්ලන්ම හෙම්බත්ව සිටීමත් නිසා ගෙනා දෑවැදි සියල්ල පසු දින පිළිවෙළකට එහි ඇසීරීමට ඔවුහු සැලසුම් කළහ.

ඒ අනුව මනාල යුවළ මනාලයාගේ සුපුරුදු ඇඳේම එදින නින්දට ගොස් ඇතත් තම ඥාතීන් ඊට පෙර දින ඇඳේ කොටස් ගැලවීමට ඇණ බුරුල් කර තිබෙනු යුවළ දැන නොසිටි අතර ඒ බවක් පවුලේ උදවියටද පැවසීමටද අමතක වී තිබේ.

ඒ අනුව ඔවුන් එම ඇඳේ නිදා ගැනීමට සැරසෙනවාත් සමගම ඇඳ ගැලවී කොටස් වෙන්ව ගොස් ඇත්තේ දෙදෙනාගේම කොන්දට හානි පමුණමිනි.

ඔවුන්ගේ කෑ ගැසිල්ලට හා ඇඳ කඩා වැටෙන ශබ්දයට පවුලේ පිරිස් කාමරයට දිව ගොස් ඔවුන් ඉවතට ගෙන නිවසේ තිබූ හන්දි තෙල් ගා දෙදෙනාටම ගොඩ වෙදකම් කිරීමෙන් අනතුරුව ගැලවූ ඇඳ පසෙක තබා වෙනත් කාමරයකට ගොස් නිදාගෙන තිබේ.

කෙසේ වෙතත් පසුදින යුවළ රෝහලක් කරා රැගෙන යාමට පවුලේ ඥාතීන්ට සිදුවිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *