BREAKING NEWS
Search

ආණ්ඩුවට බැරි දේ අපි කරලා පෙන්වනවා – සජිත්

209

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කර බලය පිහිටුවීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සමගි ජන බලවේගය විසින් ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

විපක්ෂයට බලය ගියහොත් උපරිම තිබෙන්නේ මාස 3යි 4යි යනුවෙන් කටකතා පතුරවා, ප්‍රචාරය කර විපක්ෂය අඩපණ කළ නොහැකි බවත් මේ රජය දැන් විපක්ෂය විනාශ කිරීමට නොයෙකුත් උපක්‍රම යොදන බවත් ඒවාට සමගි ජන බලවේගය හසු නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පවතින ඡන්ද ක්‍රමය තුළ ජනතාව ලබා දුන් ඡන්දය අනුව විපක්ෂයට ද බලය පිහිටුවන්න අයිතියක් ඇති හෙයින් ලුණු ටිකවත් හරියට සපයා දීමට නොහැකි ආණ්ඩුවේ තර්ජනවලට සමගි ජන බලවේගය බිය නොවන බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

ආණ්ඩුවට කිරීමට බැරි දේ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන හරහා සිදු කර ජන දුක නිවාලීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වත්මන් රජය කතාවෙන්,කයිවාරුවෙන් පමණක් නොව බොරුවෙන්, මුසාවෙන්, මුලාවෙන් ජනතාව රැවැට්ටුවත් සත්‍යයෙන්, ප්‍රායෝගික යථාර්ථයෙන්, සංවර්ධනයෙන් ජනතාවට ශක්තියක් වීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ ගමින් ගමට නගරයෙන් නගරයට වැඩසටහන යටතේ කොළඹ මල්ලිකාරම නිවාස සංකීර්ණයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *