BREAKING NEWS
Search

මේ දවස්වල පොඩි ළමයින්ව එළියට යවන්නෙ බලාගෙනයි

8945

අද වන විට ළමුන් අතර ඉන්ෆුලුවෙන්සා රෝගය, ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා යන රෝග තුනෙහිම යම්කිසි වර්ධනයක් දැක ගත හැකි බව සොඛ්‍ය අංශ පවසයි.

විශේෂයෙන් මෙම උත්සව සමයේ කුඩා දරුවන් වැඩිපුර සංචාරය කිරීම සහ විනෝද වීම සමඟ එකට එකතු වීම මේ සඳහා හේතු වී ඇති බව දැනුම් දෙයි.

මෙම වෛරස් රෝග අතර ද විශේෂයෙන්ම ඉන්ෆුලුවෙන්සා රෝගයේ වැඩි වීමක් දැකගත හැකි බව ද සඳහන්.

එසේම පහුගිය දිනවල පැවති වර්ෂාපතනය සහ මැසි මදුරුවන්ගේ වර්ධනය නිසාත් මෙසේ බෝවන රෝග කිහිපයක් වර්ධනය වී ඇති බව එහි දී ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව පාචන රෝගයේ ද වැඩි වීමක් දැක ගත හැකි බවද වාර්තා විය.

එසේම චිකන්ගුන්යා රෝගයේ ලක්ෂණ ලෙස උණ සමඟ තද සන්ධි කැක්කුම, ඇඟ රිඳීම සමඟ ඇතැම් අවස්ථාවල නාසය කළු පැහැ ගැන්වීම, අතේ කකුලේ කළු පැහැ ගැන් වූ ලප ඇති වීම වැනි ලක්ෂණ දැක ගන්නට ලැබෙන බව ද සඳහන් කරයි.

චිකන්ගුන්යා යනු ඩෙංගු හදන ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු දෙවර්ගය මඟින් බෝවන රෝගයකි.

එබැවින් මදූරුවන් වැඩි වූ විට මෙම රෝග තත්ත්වය ද වැඩි වේ.

එසේම ඩෙංගු රෝගය ද හිස ඔසවමින් ඇති බැවින් හැකි තරම් තම අවට පරිසරය පිරිසිදු කර ගත යුතු බවට සොඛ්‍ය අංශ මෙසේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා උපදෙස් දී තිබෙනවා.

එසේම උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝග ලක්ෂණ තිබීම ඇතැම් විට ඉන්ෆුලුවෙන්සා රෝගය විය හැක.

එබැවින් එවැනි දරුවන්ව පාසලට සහ අනිකුත් දරුවන් රැස්වන ස්ථාන වෙත යැවීමට පෙර ඔවුන්ව සුව කර ගැනීමට ක්‍රියා කරන ලෙස ද පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *