BREAKING NEWS
Search

කෝටි 1344ක් වියදම් කරමින් ලොක්කෙක් තියන්න යන පාටිය

753

එළඹෙන ජූනි 14 වැනි දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 79 වැනි උපන්දිනය යෙදී තිබෙනවා.

එසේම ඇමෙරිකා හමුදාවේ 250 වැනි සංවත්සරය ද එදිනට යෙදී ඇත.

එබැවින් මෙම අවස්ථා දෙකම සැමරීමට සංවිධානය කළ උත්සවය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක් වැය වෙන බව වාර්තා වේ.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 1344 ක් පමණ වේ.

ඒ අනුව එදිනට ජනාධිපති ට්‍රම්ප්ගේ නියමයෙන් සියලුම උත්සව පැවැත්වෙන බව සඳහන්.

තවද සංගීත සංදර්ශන, හමුදා පෙළපාලි සහ ගිනිකෙළි සංදර්ශනත් ජූනි 14 වන දින පැවැත් වීමට නියමිතයි.

සැලසුම් කර ඇති උත්සවවලින් පසුව මාර්ග සහ පොදු දේපළ ආදියට සිදු වන හානිය, කුණු කසළ ඉවත් කිරීමට යන වියදම් යනාදිය එදින මුළු වියදමට ඇතුළත් කොට නැත.

එබැවින් ඒවා ද එක් වූ පසු ජූනි 14 වැනි දින වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ද පසුකර යනු ඇති බව පවසයි.

මෙහිදී හමුදා පෙළපාලියක් ද පැවැත් වීමට නියමිතව ඇත.

ඒ අනුව එම පෙළපාලියට එම්1 එබ්‍රෑම් යුද ටැංකි 24 ක් ඇතුළු සන්නද්ධ රථ 150 ක්, දෙවැනි ලෝක යුද්ධයේ භාවිත කළ සහ නවීන ගුවන් යානා, හෙලිකොප්ටර් 50 ක් සහ හමුදා භටයන් 7500 ක් පමණ ද සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *