BREAKING NEWS
Search

පිල්ලෙයාන්ගෙ හිත හදන්න නීතිඥවරු පෙරට

173

මේ වන විට රැඳවුම් භාරයේ සිටින හිටපු අමාත්‍යවරයකු වන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාගේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති ජනාධිපති අනුර දිසානායක සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *