BREAKING NEWS
Search

ජනපති වෛරෙන්,ඉරිසියාවෙන් පිරිලා – නාමල්

162

ආණ්ඩු බලය ලබාගෙන ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය සමරන විට, වෛරයෙන් හා ඉරිසියාවෙන් ජනාධිපතිවරයා විසින් එය ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කණගාටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ පවසනවා.

ඒ අනුව වෙනත් පක්ෂ සිය සංවත්සරය සමරන විට කතා කළේ, එම පක්ෂයෙන් රටට කළ සේවය සම්බන්ධයෙන් බවත්, වත්මන් ආණ්ඩුව පසුගිය මාස 06කදී කිසිවක් සිදු නොකළ බවත්, එලෙස කිසිවක් නොකරන විට දැන් සුන්බුන් ගැන කතා කිරීමට සිදුව ඇති බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවද, ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලය භාවිතා කර ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය නම්, ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බවද, ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය ජනතාවට ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *