රන් භාණ්ඩ ගන්නවනම් ඔන්න දවස… රන් පවුමක මිල නොසිතූ ලෙස අඩු වෙයි…

26595

රත්තරන් වලට ආස ඔයාට මේක රත්තරන් පණිවිඩයක් වෙයි.

මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් ඇති අතර එය පසුගිය සෙනසුරාදා දැක්වුණේ රු. 246,000ක් ලෙසයි.

මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *