BREAKING NEWS
Search

කොත්මලේ අනතුර ගැන සොයන විමර්ශන කමිටුව කොත්මලේට යයි

120

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර ඇතුලු කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර පසුව එම පිරිස කොත්මලේ පොලිස් ස්ථානය වෙත ගොස් අනතුරට පත් බස් රථයද පරීක්ෂා කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අනුව ඉදිරියේදී මීට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි මෙන්ම මෝටර් රථ පරීක්ෂක ඇතුළු විශේෂඥ මත සියල්ල අධ්‍යනය කිරීමෙන් අනතුරුව මීට අදාල අවසන් වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *