BREAKING NEWS
Search

හයක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

1180

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ  ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන් ත්‍රිරෝද දෙකේ ගමන් ගත් අවුරුදු තුනක දැරියක් ඇතුළු හය දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හසලක සහ දිඹුලාගල ප්‍රදේශයේ පිරිසක් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරු ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට යමින් සිටි පිරිසක් මෙම අනතුරට පත්ව ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *