BREAKING NEWS
Search

ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට

73

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මැයි 9 වනදා මාදුරුඔය ජලාශයට ඇදවැටී අනතුරට ලක්විය.

ඉන් ගුවන් යුද හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට දිවි අහිමි විය.

අනතුරින් දිවි අහිමි වූ  සැරයන් තුසිත වර්ණගේ දේහය  (11) අලුයම බලංගොඩ පින්වල ගුරුබැබිල පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවේය.

ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මෙ වන විට සයමස් ගැබිනියකි.

ඔහුගේ අවසන් කටයුතු හෙට (12) ගුරුබැබිල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

කටාන පදිංචිව සිටි කෝප්‍රල් ලක්මාල් පෙරේරාගේ දේහය ද අද අලුයම ඔහුගේ නිවසට රැගෙන ආවේ නිවැදසියන්ගේ සෝ සුසුම් මැදය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ තේක්කවත්ත පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.

කෝප්‍රල් ප්‍රසාද් ප්‍රෙමරත්නගේ දේහය වාරියපොළ පිහිටි ඔහුගේ නිවසට රිය පෙරහරකින් රැගෙන ආවේ ඊයේ රාත්‍රියේ 11ට පමණි.

ඔහුගේ අවසන් කටයුතු අද පැන්නිතව පොදු සුසාන භූමියේදි සිදුකෙරුණි.

කෝප්‍රල් විමුක්ති දසනායකගේ දේහය ඊයේ රාත්‍රියේ රැගෙන ගොස් තිබුණේ මහියංගනය මකුළුගොල්ල පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසටය.

ඔහුගේ බිරිඳ මේ වන විට දෙමස් ගැබිනියකි.

එම සෙබළාගේ දේහයේ අවසන් කටයුතු ඔහුගේ විදෙස්ගතව සිටින මව නිවසට පැමිණීමෙන් අනතුරුව මැයි 13 වනදා සිදුකිරීමට නියමිතය.

දෙදරු පියෙක් වන වැලිමඩ අමුණුමුල්ල පදිංචි සැරයන් සනත් උදය කුමාරගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඔහුගේ දේහයට ගුවන් හමුදාපතිවරයා අද අවසන් ගෞරව දැක්වීය.

දේහයේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය.

බණ්ඩාරවෙල සෙවනගල පිහිටි  නිවසේ තැන්පත් කර ඇති කෝප්‍රල් ආර්.එම්.එම්.මෙත්රුවන්ගේ දේහයටද ගුවන් හමුදාපතිවරයා අවසන් ගෞරව දැක්වීය.

එම සෙබළාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *