BREAKING NEWS
Search

බස් රියට යට නොවූ මව් සෙනෙහස… ඒ අම්මා ගැන ලැබුණු හද සසල වන ආරංචිය…

10276

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදුවූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන් අතර සිරව සිටියදීම සිය බිලිඳාට රැකවරණය සැලසූ මවත් අද ජීවිතයට සමුදුන්නා.

ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පවා දැඩි අවධානයක් යොමුව තිබුණේ එම දර්ශනයේ තිබූ කම්පනය ක්ෂණිකව සමාජය පුරා විසිර යාම හේතුවෙන්.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයට අරුණලු උදවන්නට හෝරා කිහිපයක් තිබියදී අද සිදු වූ මේ ශෝකාන්තයෙන් ජීවිත 22ක් සදහටම දෙනෙත් පියාගත්තා.

කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඒ ජීවිත අතරට අයත් වෙද්දී 9 දෙනෙකුගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගනිමින් සිටිනවා.

මේ, අද සිදු වූ ශෝකාන්තයේ බොහෝ දෙනෙකුගේ දෑස කඳුළින් තෙත් කළ දර්ශනයයි.

බස් රථයේ සුන්බුන් අතර තවදුරටත් පොරබැදීමට තරම් සවියක් නොතිබුණත් මරණ මංචකය පෙනී පෙනී සිය බිලිඳාට උණුසුම දී රැකවරණය සැලසීමට තරම් ඇගේ මාතෘත්වය ශක්තිමත් වී තිබුණා.

ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පවා දැඩි අවධානයක් යොමුව තිබුණේ එම දර්ශනයේ තිබූ කම්පනය ක්ෂණිකව සමාජය පුරා විසිර යාම හේතුවෙන්.
එහෙත් ඇයට ජීවිත වරමක් දීමට තරම් දෛවය පසුව කාරුණික වී තිබුණේ නැහැ.

මාස 08ක් වූ ඒ බිලිඳා මෙලොව තනි කරමින් මවට මෙන්ම පියාට ද ජීවිතයට සමුදීමට සිදුවුණා.

මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි මව්පිය යුවළක් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනාත් මේ අනතුරට මුහුණ පා තිබූ අතර ඉන් මවට සහ පියාට දිවි අහිමිවුණේ දරුවන් තිදෙනා මෙලොව තනි කරමින්.

ඒ, ඔවුන් කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ යළි නිවෙස බලා පිටව යාමේ අරමුණින් මේ බස් රථයට ගොඩවී තිබූ පසුබිමකයි. අනතුරින් තුවාල ලැබූ ඔවුන්ගේ අවුරුදු 10ක දරුවා, අවුරුදු 16ක දැරිය සහ මාස 09ක් වයසැති බිලිඳිය නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *