එහිදී ඇය ළා දම් පැහැ සාම්ප්‍රදායික ඔසරියකින් සහ ආභරණ වලින් සැරසී සිටියා.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල සංකේතවත් කිරීමටත්,
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට Miss World තරගාවලියට සහභාගී වූ Miss Sri Lanka වුණු වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් ලෙසත්,
ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ “සහේලි පදනමේ” වර්ණය නිරූපණය වන ලෙසත්,
ඇය ළා දම් පැහැති වර්ණය භාවිත කළා.
මේ ඇඳුමේ සංකල්පය සහ එයින් නිරූපණය වන සංකේතාත්මක අර්ථය අනුදිගේ අදහස්වලින් නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්.


























