BREAKING NEWS
Search

බදුලු ඔයේ කාන්තා මළසිරුරක්

149

බදුලු ඔයේ ගසාගෙන පැමිණි කාන්තා මළසිරුරක් අද (11) දහවල් හමුවී තිබේ.

ගසාගෙන ආ මළසිරුර බදුල්ල – හංවැල්ල පාලමට පහළින් වූ ප්‍රදේශයේදී ඔය අද්දර පිහිටි ගලකට හේත්තු වී නතර වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

ඉන් අනතුරුව මේ පිළිබඳව ඔවුන් විසින් බදුල්ල පොලිස් ස්ථානය දැනුම්වත්කර තිබේ.

එම ස්ථානයට පැමිණි මරණකරුගේ පුතෙක් යැයි පවසන පුද්ගලයෙක්, මියගොස් සිටින්නේ තම මව යැයි හඳුනාගෙන ඇත.

මීට දින තුනකට පමණ ඉහතදී තම මව නිවසෙන් අතුරුදන්ව සිටි බවත්, ඒ පිළිබදව පොලීසියට පැමිණිල්ලක් කිරීමට පැමිණි පසුව බදුලු ඔයේ මළසිරුරක් ඇති බව පොලීසිය පැවසීමත් සමග මෙම ස්ථානයට පැමිණි බව පවසා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, සිරිමල්ගොඩ පදිංචි වයස අවුරුදු 54ක් වන කාන්තාවක්ය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර අධිකරණ නියෝගය මත ඉදිරි කටයුතු සිදු කිරිමට නියමිතය.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස මත බදුල්ල මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *