BREAKING NEWS
Search

කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ සිද්ධිය ගැන අග්‍රාමාත්‍ය හරිනි කල දේ

427

කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අදාල සිසුවියගේ දෙමාපියන් සහ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් අතර අද (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැනියගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදීය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී දැනුම් දුන්නාය.

ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් නිරීක්ෂණය වූ බැවින් එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක්ද අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *