BREAKING NEWS
Search

අකාලයේ මිලින වූ මල් කැකුලකගේ මරණයෙන් පසු එලියට ආ පුදුම හිතෙන දේ

695

පස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ දැරියය ඊයේ (09) රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයක් බවය.

ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියකි.

අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇත.

කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මෙම මරණය සැකසහිත මරණයක් බවට තීරණය කර තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතශරීරය පස්සර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පස්සර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *