BREAKING NEWS
Search

මාර්ගය හරහා දිව ගිය කුඩා මල් කැකුලකට අත් වූ සෝචනීය ඉරණම

301

අඹන්පොල පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ නෙළුම්පත්වැව හන්දිය අසලදී පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා දිව ගිය කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (05) සවස් කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් දැරිය බරපතළ තුවාල ලැබූ දැරිය අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය දැරිය වයස අවුරුදු 08 ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය අඹන්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *