BREAKING NEWS
Search

පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

1037

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06)  අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

ඔහු රාජකාරි අවස්ථාවේදි මෙලෙස වෙඩි වැදී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද වාර්තාවේ.

ඊයේ(05 ) රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද අලුයම මුරකුටිය තුලදිම මෙම මරණය සිදුව ඇතැයි කියයි.

මෙම සැරයන්වරයා බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන  අතර තිදරු පියෙකි. ඔහු වෙඩි තබාගත්තාද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *