BREAKING NEWS
Search

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියක් පැහැරගැනීමේ තැතක්… සියල්ල කැමරාවේ

836

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිටදී කිසියම් පුද්ගලයෙකුගේ සැකකටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පාලනාධිකාරියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාත්මක බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ පස්වරුවේ පාසල් කාලය තුළදීයි.
එම විද්‍යාලයේ සිසුවියක රැගෙන යාම සඳහා ඊයේ ඇයගේ මව මෝටර් රථයෙන් පැමිණ තිබුණා.
ඇය සිය දියණියව මෝටර් රථයේ පසුපස අසුනට නංවා ගැනීමත් සමග පිටස්තර පුද්ගලයෙකු ද බලහත්කාරයෙන් එම මෝටර් රථයේ පිටුපස ආසනයකට නැග ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු මෝටර් රථය ඉදිරියට ධාවනය කරන ලෙස බල කර තිබූ අතර සිසුවියගේ මව ඒ අවස්ථාවේදී ඉන් පිටතට පැමිණ අසල සිටි අයගෙන් උදව් ඉල්ලා තිබෙනවා.
විදුහලේ ආරක්ෂක අංශවල අවධානය ද වහාම ඒ වෙත යොමු වූ අතර සැකකටයුතු පුද්ගලයා එම අවස්ථාවේදී තියුණු ආයුධයක් පෙන්වා අසල රැස්වූ පිරිස බියවද්දා මෝටර් රථයෙන් පිටතට පැන පලාගොස් ඇති තිබුණා.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති අදාල විද්‍යාලයේ පාලනාධිකාරිය මව්පියන් වෙත දැනුම් දී ඇත්තේ සිය දරුවන් නැවත කැඳවාගෙන යාම සඳහා පැමිණීමේදී වඩාත් සැලකිළිමත් වන ලෙසයි.
අදාළ පුද්ගලයා දින කිහිපයක සිට පාසල අසල ගැවසෙන ආකාරය ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරිමේදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි.
ඒ අනුව විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *