පාළු ඉඩමක තරුණයෙකුගේ මළසිරුරක්

253

ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ කපා කොටා ඝාතනය කරන ලද පුද්ගල මළසිරුරක් තිබී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ මහින්දාරාම පාර, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

ඔහු පසුගිය 30 වනදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *