BREAKING NEWS
Search

තරුණයෙකුට සහ කාන්තාවකට දිවි අහිමි කල මාරක රිය අනතුරු

271

තංගල්ලේ සහ විල්ගමුවේ සිදුවු රිය අනතුරු දෙකකින් තරුණයෙකුට සහ කාන්තාවකට දිවි අහිමි වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, තංගල්ල පොලිස් වසමේ දකුණු කුඩාවැල්ල මාවැල්ල මාර්ගයේ කුඩාවැල්ල ප්‍රදේශයේදී මාවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාකුළුගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 19ක් වූ දකුණු කුඩාවැල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය නාකුළුගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, විල්ගමුව පොලිස් වසමේ විල්ගමුව හසලක මාර්ගයේ බත්ගම්පල ප්‍රදේශයේදී හසලක දෙසට ධාවනය වූ කාර් රථයක කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 62 ක් වූ බත්ගම්පල, විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වයස අවුරුදු 26 ක් වන කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *