BREAKING NEWS
Search

සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් – පලාගිය ඝාතකයා අත්අඩංගුවට

320

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 67ක් වූ අක්කරකාල්ගොඩ, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, පසුපසින් පැමිණි කැබ් රථයකින් යතුරුපැදිකරු හප්පා ඇති බවත්, යතුරුපැදිකරු මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් අනතුරුව සැකකරු විසින් කැබ් රථය නවතා වැටී සිටි තුවාලකරු අසලට ගොස් පොරවකින් පහරදී ඝාතනය කර නැවත කැබ් රථයෙන් පලා ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වයස අවුරුදු 27ක් වන සැකකරු ඝාතනය සඳහා යොදාගත් පොරව හා කැබ් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *