ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය මෙන්න

820

මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

වෙනත් පුවත්

පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කළ පුද්ගලයෙකුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මගනැඟුම මාර්ග ඉදි කිරීම් සමාගමට අයත් ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට මයික්වත්ත නැමති ඉඩමේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදකළ විමර්ශනයකින් අනතුරව සැකකරු අත්අඩංගවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 39 ක් වූ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *