මංගල දිනය කියන්නේ තරුණ තරුණියන්ගේ සිහිනයක් සැබෑවෙන දවසක්නේ.
මේ ගමේ ජීවත්වෙච්ච මේ දෙන්නා රජයේ සේවකයන් ලෙස රැකියාවල නිරතවූ අයෙයි.
ඒ දෙන්නා වඩාත් කැමතිවෙලා තියෙන්නේ චාම් සරල දිවි පැවැත්මකට.
ගජ මිතුරන් ලෙස සිටි මේ දෙන්නා කාලයක් ගතවෙද්දී යහළුකම දුර ගිහින් පෙම්වතුන් බවට පත්වෙලා.
ඉතින් ඒ පෙම්වතුන්ගේ ආදරයට දෙපැත්තේම වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබිලා විවාහ උත්සවයක් ගන්න තීරණය කරලා.
ඒ නිසා මංගල උත්සවයක් ජයටම අරගෙන මේ දෙන්නා විවාහ කරලා දෙන්න තමයි මව්පියන්ගේ ආශාව තිබුණේ.
නමුත් මේ පෙම්වතුන් දෙදෙනාට අවශ්‍යවෙලා තිබුණේ චාම් සරල ලෙස විවාහ උත්සවයක් අර ගැනීමටයි.
ඔවුන් නිරන්තරයෙන් පවසා තිබුණේ විශාල මුදල් වියදම් කරලා පුහු ආටෝප සඳහා මුදල් වියදම් කිරීම තේරුමක් නැති දෙයක් බවයි.
මේ පිළිබඳව ඔවුන් දෙදෙනා මව්පියන් සමඟ උණුසුම් කථාබහක්ද ඇතිකරගෙන තිබුණා.
නමුත් වැඩිහිටියන්ට අවශ්‍යවෙලා තිබුණේ ලොකු මංගල උත්සවයක් ගැනීම නිසා ඔවුන් විසින් ඒ සඳහා සියලු කටයුතු සංවිධානය කරලා මංගල උත්සවයට සූදානම්වුණා.
ඒ නිසා කළකිරුණු පෙම්වතුන් දෙදෙනා මේ පිළිබඳව කථා කරලා අවසන් තීරණයක් අරගෙන තිබුණා.
ඔවුන් අරගත්ත තීරණය තමයි මංගල උත්සවයට පෙර කාටත් නොකියා රහසේම පැනලා යන එක.
ඒ අනුව දෙපාර්ශවයේ මව්පියන්ට දැන ගැනීම සඳහා මේ පිළිබඳව කුඩා ලියුම් කැබැල්ලක් ලියා තබා රහසේම පැනලා ගිහිල්ලා.




















