BREAKING NEWS
Search

30ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

933

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *