BREAKING NEWS
Search

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

170

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබේ.

නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ කාන්තාවක් පසුව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පස් කන්ද කඩා වැටීමෙන් නිවසට සහ නිවසේ තිබූ උපකරණවලටද දැඩි හානි සිදුව තිබේ.

එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සමග මෙලෙස පස් කන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *