මෙලෙස ඝාතනය කර ඇත්තේ ගෑන්ඩ්පාස් ස්ටේටිපුර පදිංචිව සිටි 65 හැවිරිදි දෙදරු මවක් බවයි පැවසෙන්නේ.
සැකකරු එම කාන්තාවගේ දෙවැනි විවාහයේ සැමියා බව සඳහන්.
ඝාතනයට ලක් වූ කාන්තාව සිය දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත්ව තිබෙනවා.
උඩු මහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.
මෙම ඝාතනයට මූලික හේතුව එය බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

















