Search

දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු තුන් ගුණයකින් ඉහළට ?

342

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී විදුලි ගාස්තු තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු අඟවයි.

ගාල්ලේ පැවති දේශපාලන උත්සවයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

ආර්ථිකය පිළිබඳ තමාගේ අවබෝධයට අනුව නොවැම්බර් හෝ දෙසැම්බර් වන විට රට කඩා වැටෙනු ඇති බවද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

යම් හෙයකින් ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වුවහොත් මන්ත්‍රී ධුර ඇතිව හෝ නැතිව ලංකාව බලාගැනීමට තමා සුදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *