BREAKING NEWS
Search

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

94

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.

ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුවය.

මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන උස, අඩි 05 අඟල් 06ක් පමණ වන පුද්ගලයෙකි.

ඔහුගේ කොණ්ඩය අඟලක් පමණ වවා ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ටයක් හැඳ සිටි බවත් යටිකය නිරුවත්ව ඇති බවත් පොලීසිය පවසයි.

මෘත ශරීරය තරමක් විකෘති තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *