BREAKING NEWS
Search

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

4704

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *