BREAKING NEWS
Search

රටට විශාල සේවාවන් රැසක් ඉටුකළ ප්‍රවීණ ජෝතීර්වේදියෙක් දිවිසැරිය නිම කරයි..

1753
මේ ඇසෙන්නේ බොහෝ දෙනාගේ නෙතට කඳුළක් ගෙන දෙන එක් ආරංචියක්..

ප්‍රවීණ ජෝතීර්වේදී හෙට්ටි ආරච්චිගේ උපාලි පීරිස්  අභාවප්‍රාප්ත වී තිබෙනවා..

මියයන විට ඔහු 78වැනි වියෙහි පසු වුණා..

ඔහු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යොතිෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති අතර, ලංකාවේ ප්‍රධාන පෙළේ ජෝතිශ්‍ය පුවත්පත් රැසකටද තම දායකත්වය ලබා දී ඇති අයෙක්..

ඔහුගේ දේහය 196/4ඒ, ගාලුපාර, පානදුර දරන ඔහුගේ නිවෙසේ මේ වන විට තැන්පත් කර ඇති අතර,  26 වැනි දා සෙනසුරාදා පානදුර මිනුවන්පිටිය සුසානභූමි ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *