BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කැලබු මහනුවරදී ඇතිවූ පොලිස් – හමුදා සිද්ධියට කරන්න යන දේ මෙන්න

6147

මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කෙරෙන බව එම නිවේදනයේ සඳහන් ය.

කෙසේවෙතත් අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳීසිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.

එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා අදාළ හමුදා නිලධාරියාට බැණවැදී ඇති බව සඳහන් වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *